Shrek 1 (2001) [ සිංහල හඩකැවූ ] | කුමරියකට පෙම් බැඳි රාක්ශයා | Sinhala Dubbed Full Movie
Details
Release date: April 22, 2001 (USA)
Directors: Vicky Jenson, Andrew Adamson
Music by: Harry Gregson-Williams; John Powell
Box office: $487.9 million
Adapted from: Shrek!
Distributed by: DreamWorks Pictures, Universal Pictures, MORE
Trailer
Plot
මේ චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක සජීවිකරණ, මනංකල්පිත හා හාස්‍යයෝත්පාදක ගණයේ ඇමරිකානු නිර්මාණයක්. Andrew Adamson හා Vicky Jenson අධ්‍යක්ෂණය කළ මෙහි හඬ දායකත්වය Mike Myers, Eddie Murphy, Cameron Diaz සහ John Lithgow යන අය විසින් සිදුකර තිබෙනවා. DreamWorks Pictures හි බෙදාහැරීමක් වන මෙය ඩොලර් මිලියන 60ක වියදමක් දරා ඩොලර් මිලියන 484.4ක අදායමක් වාර්තා කර ඇත. IMDB දර්ශකයේ 7.9 සටහන් කරමින් මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය මියුරු ගීත ගණනාවකින්ම හැඩවුණු විශිෂ්ට නිර්මාණයක්. චිත්‍රපටයේ කතාව ශ්රෙක් කියන රාක්ෂයා ගැන ගෙතුණු එකක්. මිනිස්සුන්ව බය කරගෙන ඉන්න රාක්ෂයෙක් වුනත් එයාලගෙ ආදරය, ගෞරවය ලබන්න කැමැත්තෙන් ඉන්න ඒත් ඒක නොලැබෙන කෙනෙක් ශ්රෙක්. කැලෑව මැද තියෙන තමන්ගේ නිවහනේ තනියම ඉන්න ශ්රෙක්ට තොරතෝංචියක් නැතුව කියවන බූරුවෙක්ව මුණගැහෙනවා. පස්සේ තමන්ගේ වගුරු බිමට ගෙනත් දාපු සුරඟන කතා දේවල් හිටපු තැන්වලටම යවන්න ශ්රෙක් සහ බූරුවා තවමත් රජ නොවුණු පාලකයෙක් හොයාගෙන යනවා. ඒ පාලකයා ශ්රෙක්ට සහ බූරුවාට වීර වික්‍රමයකට මග පාදනවා. ශ්රෙක්ගේ ආදර අන්දරයත් බූරුවාගේ සිනා සාගරයත් එක්ක කම්මැලිකමක් නැතුව ඔබට මෙය නරඹන්න පුළුවන් වේවි.
Watch Online | Online Player 👇
Links
Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න